sinhala news sri lanka

සෙව්ද ළමා සංවිධානය හා ඇක්ට් ෆෝතියටර් ගෝ චෙන්ච් ආයතනය එක්ව සංවිධානය කරන ලද කොවිඩ් නිවාරණය පිළිබදව පවත්වන ලද විථි නාට්‍යක් 10වන දින හැටන් නගරයේදි පවත්වන ලදි.

මේ පිළිබදව කරන ලද විමසුමකදි අදහස් දැක්වු එම සංගමයේ නිළධාරිනියක් පවසන ලද්දේ රට තුල පවතින කොවිඩ් වසංගත තත්වයෙන් මේ රටේ ජනතාව බේරා ගැනිම සදහා එම ජනතාව දැනුවත් කිරිමට රට පුරා මෙම විථි නාට්‍ය පැවැත්විමට පියවර ගෙන ඇති බවත්ය.

එම විථි නාට්‍ය වැඩ සටහන් මාලාවේ එක් වැඩ සටහනක් 10වන දින හැටන් නගරයේ පවත්වන බවත් ඉදිරියේදි තලවාකැලේ, නුවරඑළිය, ඇතුළු තවත් ප්‍රදේශ කිපයකම මෙම විථි නාට්‍ය පැවැත්විමට පියවර ගෙන ඇති බවද එම නිලධාරිනිය පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

sinhala news sri lanka

Similar Posts