protect

වතුකරය තුල පවතින මිනිස් ජවාරම් හේතුවෙන් වතුකරයේ තවත් අවුරුදු 17 දැරියක් අකාලයේ මිය ගොස් ඇති බව ප්‍රොටෙක් සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් නායිකා එම්. මෛත්‍රිලි මහත්මිය පවසයි.

ප්‍රොටෙක් සංගමයේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මෛත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
වතුකරයේ සමහර බ්‍රෝකර්වරුන් වතු කරයේ බාල වයස්කාර දැරියන් පිට පලාත්වල නිවාසවල මෙහෙකාර සේවය සදහා රැගෙන යාමත් සමග වතු කරයේ තරුණියන්ගේ ජිවිතවලට දැඩි තර්ජනයන් එල්ලවිමේ අවදානම මේ වන විට වැඩි වෙමින් පවතිනවා.

පසු ගිය වර්ෂයේදි රට තුල දැඩි ආන්දෝලනයකට ලක්වුන ඉෂාලිගේ මරණයත් සිදුවුනේ මේ වතු කරය තුල පවතින මිනිස් ජවාරමේ ප්‍රථිපලයක් ලෙසයි.

එවැනිම තවත් මරණයක් මේ මස 19වන දින ගම්පහා ප්‍රදේශයේ නිවසක නාන තටාකය සුද්ධ පවිත්‍ර කිරිමට යාමේදි දියේ ගිලි මිය ගොස් තිබෙනවා වතුකරයේ මිනිස් ජවාරම් සිදු කරන එක් බ්‍රෝකර්වරයකු විසින් ගම්පහා ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවය සදහා මස්කෙළිය මෝකා වතුයායේ වයස අවුරුදු 17ක රමණි නැමති දැරිය රැගෙන ගොස් තිබෙන්නේ එම දැරියගේ මාමාගේද අනු දැනුම මතයි.

මෙම දැරිය ජිවත්ව තියෙන්නේ මාමා සමගයි මෙම දැරිය අධ්‍යාපනයද නතර කර ඇති දැරියක් බවයි දැන ගන්න තියෙන්නේ එසේ සිටින විට මෙම දැරිය ගම්පහා ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයේ යෙදි සිටින විට එම නිවසේ නාන තටාකය සුද්ධ පවිත්‍ර කරන අවස්ථාවේ දියේ ගිලි මිය ගොස් තිබෙනවා.

ඉෂාලිගේ මරණය සිදුවුන අවස්ථාවේදි සමහර බලධාරින් පැවසුවේ වතු කරයේ දරුවන් විවිධ ප්‍රදේශවල නිවාස තුල මෙහෙකාර සේවය සදහා රැගෙන යාම පිලිබදව දැඩි නිති ක්‍රියාත්මක කරන බවයි එත් එම ප්‍රකාශ කතාවන්ට පමනක් සිමා වෙලා තියෙන්නේ.

මේ වතුකරයේ තරුණ ජිවිත විවිධ ප්‍රදේශවල මෙහෙකාර සේවය සදහා යොමු කිරිම් තුලින් සිදුවන්නේ වතු කරයේ තරුණ ජිවිත විශේෂයෙන් වතුකරයේ තරුණියන් අකාලයේ මිය යාමයි.

වතුකරය තුල සිදු කරන මෙම මිනිස් ජවාරම් පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවදානය යොමු විය යුතුයි එසේ නොවුනහොත් මේ වතු කරයේ තරුණ ජිවිත අකාලයේ විනාශ විම තවත් වර්ධනය වෙන්න පුලුවන්.

ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් කාර්යාලය නව ස්ථානයක ආරම්භ කිරිම මේ මස 26වන දින සිදු කරන බව එම සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් නායිකා එම්.මෛයිදිලි මහත්මිය පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම මහත්මිය පවසන ලද්දේ ප්‍රොටෙක්ට් සංගමයේ නව කාර්යාලය හැටන් ඩංබාර් පාරේ අංක 18 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇති බවත් එම කාර්යාලය 26වන දින පෙරවරු 10.00 විවෘත කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම අවස්ථාවට ප්‍රොටෙක්ට් සංගමයේ සභාපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය හා හැටන් කම්කරු කාර්යාලයේ නිලධාරින් පිරිසක්ද එක් වන බවද මෛයිතිලි මහත්මිය වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts