tiktok

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් (TikTok) භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ හැකියාව ටික්ටොක් හිමිකාර සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) සමාගමට හැකියාව පවතින බව අනාවරණය වීමත් සමග එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ටික්ටොක් භාවිතය සම්බන්ධයෙන් නැවතත් විශාල ආන්දෝලනයක් මතුව ඇත. රහස්‍යතා පර්යේෂකයකු සහ ගූගල් (Google) ආයතනයේ හිටපු ඉංජිනේරුවකු වන ෆීලික්ස් ක්‍රවුස් (Felix Krause) මෑතකදී කරන ලද පර්යේෂණයකදී මේ බව අනාවරණය වී තිබේ.

ක්‍රවුස්ගේ පර්යේෂණයෙන් අනාවරණය කර ඇත්තේ ටික්ටොක් පරිශීලකයන් සිය යතුරු පුවරුව භාවිත කරන ආකාරය නිරීක්ෂණය කර එම දත්ත උකහා ගැනීමේ හැකියාව සමාගම සතුව ඇති බවයි. සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් අංක සහ මුරපද (password) ආදී පෞද්ගලික දත්ත රැස් කිරීම ලෙස ප්‍රධාන තාක්ෂණ සමාගම් විසින් සිදු නොකරන අතර (ඒ සඳහා අවශ්‍ය ට්‍රැකර් තාක්ෂණ මේ වනවිට ලොව පැවැතියත්) එවැනි ට්‍රැකර් භාවිත කරනු ලබන්නෙ වංචනික පුද්ගලයන් පමණකි.

Similar Posts