nasa

නාසා ආයතනය විසින් පසුගිය දිනක අඟහරු ග්‍රහයා වෙත යැවූ රෝවර් නැමැති යානය අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබේ. අඟහරු ග්‍රහයා මතදී ලබාගත් හඬපටයක්ද නාසා අයතනය නිකුත් කර තිබුණි.

පසුගිය පෙබරවාරි 18 වනදා රෝවරය අඟහරු මතට ගොඩබස්වන අවස්ථාවේ අවසන් මිනිත්තු කිහිපය තුළ ලබාගත් වීඩියෝ දර්ශන එළෙස ප්‍රසිද්ධකර තිබේ.

නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ කැමරා මගින් ගිගාබයිට් 30ක පමණ දත්ත ප්‍රමාණයක් සහ යානය ගොඩබස්වන අවස්ථාවේ ඡායාරූප විසිතුන්දහසකට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූ බවයි.

සරලා සමන්මලී

Similar Posts