water-bill

ලබන මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන නව ජල ගාස්තුව සැප්තැම්බර් 02 වැනිදා සිට පාරීභෝගිකයන්ට ලබාදෙන ජල බිල්පත් සඳහා ගණනය කරනවාද නැතහොත් ඔක්තෝබර් 01 වැනිදා සිට පාරිභෝගික ජනතාවට ලබාදෙන ජල බිල්පතේ සිට ගණනය කරනවාද යන්න පිළිබඳ අද (29දා) තීරණයක් ගන්නා බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

ජල බිල්පත් ඉහළ දැමීම සඳහා හා මළඅපවාහන ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන තිබෙන්නේ මෙම මස O8වැනි දින බවත්, අදාළ ගාස්තු ඉහළ යාම ලබන මස 01 වැනිදා සිට සිදුවන අයුරින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පියල් පත්මනාථ මහතා සඳහන් කළේය.

Similar Posts