world environment day 2022

ජගත් පරිසර දිනය අදට යෙදී තිබේ.මෙවර එහි තේමාව – එකම පෘථිවියක්- යන්නයි

ලෝක පරිසර දිනය ලෙස ජුනි මස 05 වැනිදා නම් කරනු ලැබුවේ 1974 වසරේදී ය.

2021 නොවැම්බර් 18 දින ස්වීඩන් රජය විසින් 2022 ජගත් පරිසර දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සමග එක්ව සත්කාරකත්වය ලබාදී සැමරීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර ජගත් පරිසර දිනය ලෝක ප්‍රජාවටම සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකා සැමරීමට අවස්ථාව උදාවනු ඇත. ඒ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවති මානව පරිසරය පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මේලනය පැවැත්වූ 1972 වර්ෂයේ සිට 2022 දක්වා 50 වැනි සංවත්සරය (Stockholm+50) සනිටුහන් කොට ගෙන සැමරීමද සිදුකරන බැවිනි.

සොබාදහම හා මිනිසා අතර වෙන් කළ නොහැකි සමීප සබදතාවන් පැවතියද පසුකාලීනව අසීමිත මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා සිදුකළ අයහපත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් උද්ගතවූ පාරිසරික ගැටලු සමස්ථ ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.

ලෝක පරිසර දිනය වෙනුවෙන් පැල සිටුවීම්, වෙරළ පිරිසිදු කිරීම් ඇතුළු වැඩසටහන් කිහිපයක් අද ක්‍රියාත්මක වේ.

 

Similar Posts