හිස මැද ද්විතියික වලිගයක් සහිත සති 10 ක් වයසැති අතහැර දැමූ බලු පැටියෙකු ඇමරිකාවේ මිසූරි හි සත්ව ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක් විසින් සොයා ගෙන තිබේ.

මෙම බලුපැටියාගේ ද්වීතික වලිගය , ඔහුගේ සැබෑ වලිගයෙන් තුනෙන් එකක් පමණ වන අතර, කිසිම දෙයකට සම්බන්ධ නොවූ ඒකක් බව සුනඛයින් බේරා ගැනීමේ ලාභ නොලබන සංවිධානයක් වන මැක්ස් මිෂන් පවසයි. අමතර වලිගය ඉවත් කිරීමට වෛද්‍ය අවශ්‍යතාවයක් නොමැති බව නර්වාල් පරික්ෂා කළ වෛද්‍යවරු  ඔවුන්ට පවසා ඇති අතර එය ඔහුට කිසිදු වේදනාවක් නොදක්වන බව ඔවුහු පැවසූහ.

විශේෂ අවශ්‍යතා ඇති සතුන් සඳහා ප්‍රධාන වශයෙන් මුල්තැන දෙන මැක්ස් මෙහෙයුමේ කාර්ය මණ්ඩලය මෙම බලු පැටියා  නර්වාල්ද ලිට්ල් මැජික් ලොම් යුනිකෝන් ලෙස හැඳින්වේ.

ඉකුත් සෙනසුරාදා මොහුව සොයා ගන්නා විට දැඩී සීතලෙන් ගැහෙමින් සිට ඇති බවද පැවසෙන අතර, දැඩි හිම පතනය නිසා මෙම බලු පැටවාගේ ඒක් පාදයක් රෝගී තත්ත්වයක් ඇති වී ඇති බවත්, කල්යත්ම ඒය සුව විය හැකි බවත් මැක්ස් කාර්ය මණ්ඩලය පවසයි.

ශානි

Similar Posts