සඳ මත ගොඩබැසීමට සූදානම් කෙරෙන මීළඟ ගගනගාමීන්ට ඇඟලීම සඳහා නිර්මාණය කෙරුණු නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයේ මූලාකෘතියල නාසා හෙවත් ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය විසින් එළිදක්වා තිබේ.

ද සෙමූ (The xEMU0) නමැති මෙම ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කරන ඇඳුමට සමානයග නාසා ආයතනය පවසන්නේ ල මෙම ඇඳුම් කට්ටලය සඳ මත ඇවිදීමේදී පහසු සහ යෝග්‍ය ආකාරයට වැඩි දියුණු කර ඇති බවය.

නාසා ආයතනයේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් විසින් ඊළග පරපුරේ ඇඳුම් කට්ටලය විශේෂ වැඩසටහනක් අතරතුරදී ප්‍රදර්ශනය කළේය. මෙහිදී ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය දියත් කරනවිට හා යළි පැමිණෙන විට එතුළදී කාර්ය මණ්ඩලය පැළඳිය යුතු හිස් ආවරණය සහ ඇඟලිය යුතු තැඹිලි පැහැති ඇඳුම ද ප්‍රදර්ශනය කෙරුණි.

ඔරායන් යනු අභ්‍යවකාශ ෂටලය වෙනුවට භාවිත කෙරෙන ආදේශක යානයකිග එහෙත් එය ෂටලයට වඩා වෙනස් ලෙස නිර්මාණය කර ඇත්තේ ගගනගාමීන් සඳට සහ ඈත අභ්‍යවකාශයේ අනෙකුත් ඉලක්ක වෙත ගෙන යාමටය.

Exploration Extravehicular Mobility Unit ගවේෂණ අතිධ්වනි සංචලතා ඒකකය – xEMU ලෙස නම් කර ඇති නව සඳ ඇඳුම (Moon suit) එය ඇඟලන ගගනගාමීන්ගේ ශරීර ප්‍රමාණයට සරිලන පරිදි සකස් කර ගැනීම සඳහා නිර්මාණය කර තිබේ.

නාසා ගගනගාමී ඈන් මැක්ලේන් හට සුදුසු ප්‍රමාණයේ ඇඳුමක් නොමැති නිසා මාර්තු මාසයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වූ පළමු අභ්‍යවකාශ ඇවිදීම නතර කිරීමට පවා සිදු වි තිබුණි.

Similar Posts