mariyo-dragi

ආර්ථික අර්බුදයෙන් බිඳවැටුණු ඉතාලිය ගොඩ ගැනීමට අසමත් වූ එරට අගමැති මාරියෝ ඩ්‍රැගීගේ සන්ධාන රජය බිඳවැටීමෙන් ඉතාලියේ දේශපාලන අර්බුදයක් ද මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් එරට ජනතාව දැඩි ලෙස පීඩා විඳින අතර, රජයේ බිඳවැටීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇත.

මේ කරුණු මත ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් අගමැතිවරයා විසින් දෙනු ලැබූ ලිපිය ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා ප්‍රතික්ෂේප කළ ද, සිය තීරණයේ වෙනසක් නැති බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

Similar Posts