මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ඇමරිකානු අධිකරණය ඉදිරියේ ඝෝඨාභය රාජපක්ෂ මහතා විත්තිකරු කරමින් පවරා ඇති නඩුවේදී ඝෝඨාභය අධිකරණය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මෙම මිනී මැරුම ලංකා රජය විසින් සිදු කර ඇත්තක් බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඝෝඨාභය රාජපක්ෂ වෙත රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලැබීමට අයිතියක් ඇති බවයි.

පසුගිය අප්‍රේල් මස15 වනදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුවේ දී ගෝඨාබය මහතා ගේ නීතිඥයන් සඳහන් කර ඇත්තේ  ලසන්තගේ ඝාතනය “රාජ්‍ය ක්‍රියාවක්” වන අතර, එහිදී ඔහු විසින් කරන ලද කාර්ය අයත් වන්නේ “රාජකාරි කටයුතු” ලෙසය. ඒ පදනම මත ගෝඨාබය “විදේශ නිළධාරියෙකු” ට හිමි නෛතික විනිර්මුක්තිය ඉල්ලා ඇත.

ඒහිදී අහිම්සා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පෙන්වා දී ඇත්තේ, ගෝඨාබය එහිදී “රාජකාරි කටයුත්තක්” සිදු කළා වුවද, ඔහු ඇමරිකානු පුරවැසියෙකු බැවින්, ඇමරිකානු අධිකරණ වලින් ඔහුට බේරී සිටීමට පදනමක් නොමැති බවයි.

අධිකරණය නිගමනය වී ඇත්තේ, ලසන්ත ඝාතනය රාජ්‍ය කටයුත්තක් බවත්, මෙහි දී ගෝඨාබයගේ ඇමරිකානු පුරවැසිභාවය මතභේදයට තුඩු දී තිබුණද, විදේශ නිළධාරියෙකු ලෙස ඝෝඨාබය රාපක්ෂට ඇමරිකාව තුළ විනිර්මුක්තිය හිමි බවත්ය.

මෙහි හරය ගෙන බලන කල, ඇමරිකානු අධිකරණය ගෝඨාබය නිර්දෝෂි බව කියා නැත. අහිම්සා පවසන අන්දමට ඇය මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නට සූදානම් වන්නීය.

 

Similar Posts