uk

යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්‍රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය.

යුක්රේනය පිළිබඳ මෙම යෝජනාව මහ සභා හදිසි සැසිවාරයේදී යෝජනාවට පක්ෂව 140 ඡන්ද ලැබුණු අතර විපක්ෂව රුසියාව, උතුරු කොරියාව, එරිත්‍රියාව, බෙල්රුසය සහ සිරියාව ඡන්දය ලබා දුන්නේය. චීනය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 38 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

Similar Posts