ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ “ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්”කිතුනු නිකායට (FCC)අයත් ලුසී කලප්පුරා(Lucy Kalappura) නම් කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට (Franco Mulakkal) එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ආගමික සභාවෙන් නෙරපා හැර තිබේ.

ලුසී කලප්පුරා 2014 සහ 2016 අතර කාලය ඇතුළත රදගුරු මුලක්කාල් තමා කිහිප වතාවක් දූෂණය කළ බවට කන්‍යා සහෝදරිය චෝදනා කළ අතර එම චෝදනා මත ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත. එහෙත් රදගුරු මුලක්කාල් ඔහුට එරෙහි සියලු චෝදනා බැහැර කරයි.

ලුසී කලප්පුරා කන්‍යා සහෝදරිය නෙරපා හරින ලද්දේ ආගමික සභාවේ විධිමත් නීති උල්ලංඝනය කෙරෙන ඇයගේ ජීවන රටාව සැලකිල්ලට ගනිමින් යයි කේරලයේ “ෆ්‍රැන්සිස්කානු ක්ලැරිස්ට්”කිතුනු සභාව පවසයි. එහෙත් සභාවෙන් නෙරපා හැරීමට සැබෑ හේතුව තමා රදගුරු ෆ්‍රැන්කෝ මුලක්කාල්ට එරෙහිව විරෝධතා ව්‍යාපාරවල දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලැබීම යැයි කන්‍යා සහෝදරිය කියා සිටී.

මූලාශ්‍ර – බීබීසී සිංහල

 

Similar Posts