aeroflot

එරෝෆ්ලොට් ගුවන් යානය මුදා හැරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි.

ඔවුන්ගේ නිල වෙබ් අඩවිය පිටුවේ සටහනක් තබා ඇති රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, කොළඹ වාණිජ මහා අධිකරණය විසින් ලබාදුන් රඳවා ගැනීමේ නියෝගය එම අධිකරණය විසින් ම ඉවත් කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් සිය ජාතික ගුවන් සේවාවට අයත් යානාව කටුනායක ගුවන් තොටුපළින් නැවත රුසියාව බලා ගමන් ගත් බවයි.

මෙම ගැටලුව රටවල් දෙකට ම අර්බුදයක් නො වන ලෙස විසඳාගැනීමට මැදිහත් වූ සියලු පාර්ශ්ව වෙත රුසියානු රජයේ කෘතඥතාව පිරිනමන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.

Similar Posts