russiya-rocket

රුසියාව යුක්රේන යුද්ධය සදහා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට සූදානම් වන බව ඇමෙරිකානු නිලධාරීහු සදහන් කරති.

රොකට් මෙන්ම කාලතුවක්කු උණ්ඩ මිලියන ගණනක් උතුරු කොරියාවෙන් මිල දී ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බව එම නිලධාරීන් පවසා ඇත.

යුක්රේන යුද්ධයට වගකිව යුත්තේ ඇමෙරිකාව බව පසුගියදා උතුරු කොරියාව පවසා තිබිණි. රුසියාව සිය බලය පාවිච්චි කරන තත්ත්වයට පත් වූයේ බටහිර රටවල අධිපතිධාරී ප්‍රතිපත්ති නිසා බවට ඔවුහු චෝදනා කරති.

 

Similar Posts