ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා එක්වන ව්‍යාපාරික සමුළුවක් එළඹෙන දෙසැම්බර් 10 දින පැවැත්වීමට නියමිතය.

කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life  විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි.

ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන වෙළඳපොළ සමූහයේ විධායක සභාපති ලෙස කටයුතු කළේය.

ඔහුගේ සේවා කාලය තුළ සමූහය කළමනාකරණ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 100 සිට ඇමරිකානු ඩොලර් බිලියන 40 දක්වා පුළුල් කළ අතර ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නැගී එන වෙළඳපල සහ දේශසීමා අරමුදල් ගණනාවක් දියත් කළේය.

Similar Posts