morokko

දින 03 ක් පුරා නළ ළිං කුහරයක් තුළ සිරවී සිටින වයස අවුරුදු 05 ක කුඩා පිරිමි දරුවෙකු මුදා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණ්ඩායම් ප්‍රබල මෙහෙයුමක නිරත වී සිටිනවා.

විදෙස් වාර්තා පැවසුවේ ඉකුත් අගහරුවාදා රාත්‍රියේදී එම දරුවා මිටර් 32 ක් පමණ ගැඹුරු එම ළිං කුහරයේ පතුලට ඇස වැටී ඇති බවයි. ඒ සිය පියා සමගින් ඒ ආසන්නයේ රැඳී සිටි අවස්ථාවකදීයි.

අනතුරුව බදාදා උදෑසන වනවිට දරුවා මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මේ දක්වා එම මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙනවා. ළිං කුහරයේ විශ්කම්භය ඉතා පටු බැවින් සහන සේවකයෙකුට හෝ ඒ තුළින් අතුළුවී දරුවා සිටින ස්ථානයට ළගාවීමට නොහැකි බවයි පැවසෙන්නේ.

Similar Posts