china

චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම අගුළු ලා සති තුනක් ගතවෙමින් තිබියදී නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

නගරයේ ඇතැම් නිවාස සංකීර්ණ මුළුමනින්ම කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීම චීනයේ නව කොවිඩ් වසංගතයේ බරපතළ ස්වභාවය මැනවින් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.

අනපේක්ෂිත අයුරින් මීට සති තුනකට පමණ පෙර චීනය පුරා ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොවිඩ් වසංගතය අද වන විට එරට වැඩිම ජනගහණයෙන් යුතු ෂැංහයි නුවර මිලියන 26ක ජනතාව දරුණු ආහාර අර්බුදයකට ඇද වැටී සිටින අතර, ආහාර හිඟයට විසඳුම් දීමට රජය මෙතෙක් සමත් නොවීම නිසා ජනතාව රජයට එරෙහිව සිය විරෝධතා පෙන්නුම් කිරීමට පටන් ගෙන තිබේ.

Similar Posts