අමෙරිකාව පැවසූ ආකාරයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින්  න්‍යෂ්ටික මිසයිල පෙරහුරු අභ්‍යාසයක් සිදුකිරීමට නියෝග ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ රුසියානු හමුදාව මේ වන විට යුක්‍රේන දේශසීමාව ආසන්නයටම පැමිණ ස්ථාන ගතවීමට පටන් ගෙන ඇති බවයි.

මේ අතර රුසියාවට සහය දක්වන යුක්‍රේන බෙදුම්වාදී හමුදා නායකයා විසින් රුසියානු-යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ ජිවත්වන ලක්ෂ 07කට ආසන්න ජනතාවට වහාම රුසියාවට යන ලෙස නියෝග නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

එම බෙදුම්වාදී නායකයා පවසන්නේ යුක්‍රේන හමුදාවන් කුමන මොහොතක හෝ ප්‍රහාර එල්ල කිරීමට හැකි බැවින් ජීවිතාරක්ෂාව පතා රුසියාව බලා යෑම සුදුසු බවයි.

 

Similar Posts