cyber news sri lanka

අමෙරිකාවේ නෙවාඩාහි පිහිටි ඒරියා ෆිෆ්ටි වන් නමින් හැඳින්වෙන රහස් ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට බලධාරීන්ට සිදුව ඇත.

ඒ අදාළ ප්‍රදේශයට විශාල වශයෙන් ජනතාව පැමිණීමත් සමඟයි.

මේ දිනවල අමෙරිකානු ගුවන් හමුදාවේ පුහුණු කඳවුරු පිහිටි ඒරියා ෆිෆ්ටි වන් ප්‍රදේශය ආශ්‍රිතව සංවිධානය කර තිබෙන පිටසක්වල ජීවින් තේමා කරගත් උත්සව අවස්ථා, විශාල පිරිසකගේ අවධානය දිනාගෙන ඇත.

ඒ හේතුවෙන් ඒරියා ෆිෆ්ටි වන් ප්‍රදේශයේ ආක්‍රමණයක් සිදුවිය හැකි බවට සහ මහජන ආරක්ෂණ අර්බුදයක් මතුවිය හැකි බවට අනිසි බියක් පැවතියත් එම මත පදනම් විරහිතයැයි ඔප්පුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒරියා ෆිෆ්ටි වන් හමුදා කඳවුර පිහිටා ඇත්තේ නෙවාඩාහි ලාස් වේගාස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ වයඹ දෙසින්.එඩ්වඩ් ගුවන් හමුදා කඳවුරෙහි කොටසක් වන එය ඇමරිකානු රජය හඳුන්වන්නේ නෙවාඩා පරීක්ෂණ සහ පුහුණු ප්‍රදේශය ලෙසයි .

අමෙරිකාව පුරා පිහිටා ඇති බොහෝ හමුදා කඳවුරු සේම ඒරියා ෆිෆ්ටි වන්හි මූලික අරමුණ රහසක් වශයෙන් පවතියි.

 

cyber news sri lanka,dailyreporter

Similar Posts