russiarmy

හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 10 කින් වැඩි කිරීමට රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවට අලුතින් එක්වීමට නියමිත සාමාජිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 37,000 ක්.

රුසියාව සතුව හමුදා සාමාජිකයින් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර සිවිල් කාර්යයමණ්ඩලය ලක්ෂ 09 කට ආසන්නයි. මෙම හමුදා සාමාජිකයින් වැඩි කිරීම ලබන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

 

Similar Posts