nastika

උතුරෙන්, දකුණෙන් සහ නැගෙනහිරෙන් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන රුසියානු පාබල හමුදා කාණ්ඩ කිහිපයක් Kyiv අගනුවර ආසන්නයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද රුසියානු හමුදා වෙත පත්ව ඇති බව යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

1986 වසරේ දි පිපිරීමට ලක්වූ එම බලාගාරය හේතුවෙන් සිදුවු ව්‍යසනය මානව ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික විනාශය බවට සැළකෙයි.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ රුසියාව තවදුරටත් ආක්‍රමණයේ නිරත වුවහොත් එවැනි ව්‍යසනයක් යළි ඇති විය හැකි බවය.

යුක්රේනයේ කිව් අගනුවර ස්ථාන රැසකින් පිපිරීම් ශබ්ද ඇසෙමින් තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

රුසියානු ආරක්ෂක අංශ විසින් නිවාස සංකීර්ණ පවා ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ලකරමින් සිටින බවට යුක්රේනය චෝදනා කරයි.

මේ අවස්ථාවේදි ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය නිහඩව සිටීම කණගාටූවට කරුණක් බව යුක්රේන ජනාධිපතිවරයා පවසා සිටියි.

Similar Posts