karu

විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.

අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් එම අරමුදලට අත නොතබන්නැයි රජයට අවධාරණය කරන බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Similar Posts