ranasighe

මේ රජයේ විවිධ ගැටලු තියෙන්න පුලුවන් එත් මේ මොහෙතේ ශ්‍රිලංකා නිදහස් පක්ෂය මේ රජයෙන් ඉවත් වෙන එක හරි නැහැ මොකද අපි හැම දෙනාම මේ රට ගැන හිතිය යුතුයි මේ මොහොතේ මේ ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානි කරයි.

ශ්‍රිලංකා නිදහස් පක්ෂ මස්කෙළිය ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා මේ බව පවසන ලද්දේ ගිනිගත්හේන කාර්යාලයේදි මාධ්‍ය අමතමිනි.

එහිදි වැඩිදුරටත් කරුනු දැක්වු ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා මේ අවස්ථාවේදි ශ්‍රිලංකා නිදහස් පක්ෂය මේ රජය සමග ඉදලා මේ රටේ ජනතාවට සේවය කල යුතුයි මේ කොවිඩ් උවදුර අප රටට පමනක් නොවෙයි මුලු රටටම බලපාන අර්බුදයක් මේ කොවිඩ් නිසා එන්නත්වලට විශාල මුදලක් මේ රජයට වියදම් කරන්න සිදුවුනා.

කොවිඩ් නිසා මේ රටේ ආර්ථිකයට විශාල හානියක් සිදුවුනා සංචාරක ව්‍යාපාරය කඩා වැටුනා අද මේ විපක්ෂය කරන්නේ රට තවත් ප්‍රපාතයට ඇද දැමිමයි සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ බලන්නේ මේ රට විනාශ කර හෝ තමන්ට බලය ලබා ගැනිමටයි.

ශ්‍රිලංකා නිදහස් පක්ෂය මේ රටේ බලය ලබා ගැනිමට පියවර ගත යුතුයි එසේ බලය ලබා ගැනිමට අපි ශක්තිමත් සංවිධානයක් ගොඩ නැගිය යුතුයි පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරිමට මම දැඩි ලෙස විරුද්ධ වුනා මොකද මම දන්නවා වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරලා දිනන්න බැහැ කියලා එසේ වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරිමෙන් සිදු වුනේ මෙහි ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයන් අතරමං කිරිමක්.

එම සියලු තත්වයන් යට පත්කරමින් මස්කෙළිය ආසනය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරිමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටිනවා එම තත්වයන් මත ඉදිරියේදි මෙහි ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයන් එකට එක් කරමින් නව සංධානයක් පිහිටුවිමට කටයුතු කරනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts