අමාත්‍යාංශ ලේකම්වරුන් පත් නොකිරීම හේතුවෙන් සමස්ත රටම අකර්මන්‍ය වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අවශ්‍ය පුද්ගලයන් පිළිබද අවසන් තීරණයක් ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය නෙත් නිවුස් කළ විමසිමකදී පැවසුවේ.
කිසිදු පාර්ශවයක් අගමැති ධුරය සදහා නමක් යෝජනා නොකරන්නේ නම් ජනාධිපතිවරයාට, අගමැති ධුරය සදහා අවශ්‍ය කෙනෙකු පත් කිරීමට හැකියාව තිබෙන බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා පැවසුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සදහන් කළේ.

Similar Posts