මීට දින දෙකකට පෙර ඒනම් ජුනි 16 දා ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදනය වීමෙන් 2006 දෙනෙකු මිය ගිය බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළාය. නමුත් මේ තත්ත්වයේ විශාල වෙනසක් ඊයේ පෙන්නුම් කරනු ලැබුවත්, දිනකට වාර්තාවන රෝගීන් ප්‍රමාණය නම් ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ඊයේ දිනයේ පමණක් කෝවිඩ් 19 ආසාදිතයින් 13,103 වාර්තා වී තිබේ.

ඉන්දියාව මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති රටවල් අතරින් හතරවන ස්ථානයට පත්ව තිබේ. ඒ් අනුව මේ වන විට ඉන්දියාව තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 367,264 වාර්තා වී ඇති අතර මිය ගිය ප්‍රමාණය 12,262 දක්වා ඉහල ගොස් තිබේ.

මෙම රෝග ව්‍යාප්තිය මේ වන විට ඉන්දියාවට දරා ගැනීමට නොහැකි මට්ටමට පැමිණ ඇති බව ඒරට මාධ්‍ය වාර්තා කරනු ලබයි. පවතින රෝහල් ප්‍රමාණවත් නොවීම නිසා දුම්රිය පහක් තාවකාලික රෝහල් ලෙසට පත්කර භාවිතා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව ද පසුගිය දා මාධ්‍ය අද වාර්තා කර තිබුනි. ඒමෙන්ම කොරෝනා රෝගයෙන් මිය ගිය අයගේ සිරැරු මිහිදන් කිරීමට ස්ථාන නොමැතිව තැන තැන දමා ඇති ආකාරයත් මාධ්‍ය හරහා ප්‍රචාරය විය.

ඉන්දියාවේ තත්ත්වය තව දුරටත් බරපතල වුවහොත් ඒය ලංකාවට අනිවාර්යෙන් බලපානු ඇත. දැනටමත් ධීවර කර්මාන්තයේ යෙදෙන ඉන්දීය හා ලංකික ධීවරයන් අතර විවිධ මට්ටමේ ගණුදෙනු මහ මුහදේ දී මෙන්ම දූපත් ආශ්‍රිත ගොඩබිම් තුළදීත් සිදු වේ. ඒමෙන්ම, ලංකීය සම්භවයක් ඇති විශාල පිරිසක් ඉන්දියාව තුළ ජීවත් වන අතර, ඉන්දියාවේ තත්ත්වය බරපතල වුවහොත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සිදු විය හැක. දැනටමත් ඒ් සදහා ඉල්ලුම් කර ඇති බවත් වාර්තා වේ.

ඒමෙන්ම, ඉන්දියාවෙන් ගෙන්වනු ලබන විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය ඇතුලු විවිධ භාණ්ඩ හරහා ද මෙම රෝගය නැවත අප වෙත පැමිණීමේ අවධානයක් පවතී. චීනයේ බීජින් නුවරට පැමිණි දෙවැනි කොරෝනා රැල්ල පිළිබදව කළ විමර්ෂණයේ දී හෙලි වී ඇත්තේ බීජීන් නුවර මාලු වෙලද සංකීරණයක මාලු කපන ලෑලි මත (චොපිං බෝඩ්) කොරෝනා වෛරසය තිබූ බවයි. ඒහි දී සොයා ගනු ලැබුවේ ආනයන කළ සැමන් මාලු හරහා මෙම වෛරසය නැවත බීජින් නුවරට පැමිණ ඇති බවයි.

 

Similar Posts