ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය.

ද්‍රෞපදී මුර්මු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති අතර, යෂ්වාත් සිං නියෝජනය කරන්නේ, එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ය.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

අද (18) පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම එලැඹෙන 21 වැනිදා සිදුවනු ඇත.

Similar Posts