මෙතෙක් කලක් ඉරාන පිරිමින්ට පමණක් සීමා වී තිබු පා පන්දු නැරඹිමේ අවස්ථාව කාන්තාවන්ටද ලබා දීමට ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දී තිබේ.

වසර 40 ක පමණ සිට ඉරාන කාන්තාවන්ට ඉරානය තුල පා පන්දු තරඟ හෝ වෙනත් කිසිදු ක්‍රිඩා තරඟයක් නැරඹිමටවත් ,ඒ සඳහා ක්‍රිඩාංනයට ඇතුලු වීමටවත් එරට ඉස්ලාමීය ජනරජය විසින් තහනම් කර තිබුණි.

පිරිමින් වැඩියෙන් ගැවසෙන ස්ථාන වු බැවින් එහි කාන්තාවන්ට රැඳී සිටිමට නුසුදුසු ස්ථානයක් ලෙස ඉස්ලාමීය පුජකයන් සඳහන් කර තිබු හෙයින් මෙලෙස ඉරාන කාන්තාවන්ට ක්‍රීඩා තරඟ නැරඹීමේ අවස්ථාව අහිමිව ගොස් තිබුණි.

මේ අතර කාන්තාවක් පිරිමියෙකු ලෙස වෙස් වලා ගනිමින් තරඟයක් නරඹා තිබු අතර එය හෙළි වීමත් සමඟ ඇය බියට පත් වී සිරුරට ගිනි තබාගෙන මිය යාම නිසා ඉරාන කතුන්ගේ ක්‍රිඩා තහනම පිලිබඳ ලෝකයේ අවධානය යොමු විය.

මෙම සම්ප්‍රදායික ප්‍රතිපත්තිය අන්තර්ජාතික පා පන්දු සම්මේලනය මඟින් දැඩි ලෙස අවධානයට ලක් කොට තිබු අතර වහාම මෙම නීතිය ඉවත් කර ගන්නා ලෙසත් නැතහොත් පා පන්දු සම්මේලනයේ ඉරාන සමාජිකත්වය අහෝසි කිරිමට පියවර ගන්නා බවත් සඳහන් කර තිබුණි.

එම දැන්වීමෙන් අනතුරුව ඉරාන රජය විසින් මෙම තහනම ඉවත් කර ගැනිමට කටයුතු කර ඇති බව විදේස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Similar Posts