ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කර  ඇති බව විදෙස් මාධ්‍යය සදහන් කරයි.

එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ.

එහි ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි මහතාගේ සහ ඉරාන ධජයේ රූප ද පළ කර තිබේ.

“මෙය ඉරානයේ සයිබර් හැකියාවේ පුංචි දෙයක් පමණයි” යනුවෙන් ද වෙබ් පිටුවේ දක්වා ඇත.

 

Similar Posts