unp

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු පත් කරන ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමේදී ඊයේ යෝජනාවක් ඉදිරිපත් විය.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර යෝජනාව කළ මන්ත්‍රීවරුන් පිටතට නොගොස් එහි රැඳී සිට ඡන්දයක් විමසා තිබේ.

ඡන්දය සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර ගත යුතු බවට කැමැත්ත පළ කළ බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

මන්ත්‍රී කණ්ඩායමේ මත විමසුමක් ලෙස මෙම කැමැත්ත පළ කිරීම සිදුවූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Similar Posts