පාකිස්ථානු රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ රාජ්‍ය ද්‍රෝහි ක්‍රියා යන චෝදනා මත සිරගත කර සිටින පාකිස්ථාන වෛද්‍යවරයා යොමුකළ අභියාචනය සළකා බැලීමට පාකිස්ථාන අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙම අභියාචනය අද පේෂාවර් විවෘත මහාධිකරණයේදී පළමුවරට සළකා බැලෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර තමන් ජයග්‍රහණය කළ පසු මිනිත්තු දෙකකින් මෙම වෛද්‍යවරයා වන ශකීල් අෆ් රිඩි නිදහස් කරන බවට ප්‍රකාශ කර තිබුණා.

එම වෛද්‍යවරයා විසින් පාකිස්ථානයේ ඇබොටාබාඩ් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වූ ව්‍යාජ ප්‍රතිශක්තීකරණ එන්නත් සායනයකදී ලබා ගත් DNA සාම්පල CIA සංවිධානයට ලබා දීමෙන් ඔසාමා බින් ලාඩන් එම නගරයේ ජීවත් වන බවට ඇමෙරිකානු ආරක්ෂක අංශයන් තහවුරු කරගනු ලැබුවා.

Similar Posts