කාර්මික නිෂ්පාදන දර්ශකයට අනුව 2018 වසරේ අගෝස්තු මස නිෂ්පාදනයට සාපෙක්ෂව 2019 වසරේ අගෝස්තු මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ සියයට 2.5 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2018 වසරේ අගෝස්තු මාසයේ 109.3 වු දර්ශකය 2019 අගෝස්තු මාසයේදි 112.0 ක් ව ඇත.

නිෂ්පාදන කර්මාන්ත සැලකීමේදි නිෂ්පාදන කාණ්ඩ 20 ක් අතරින් නිෂ්පාදන කාණ්ඩ 11 ක්ම 2018 අගෝස්තු මසට සාපෙක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අතරින් ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදන , දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සහ විදුලි උපකරණ නිෂ්පාදන වල පිළිවෙලින් සියයට 30.58 ක්, 21.0 සහ 21.0 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2019 අගෝස්තු මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනයේ සියයට 1.2 ක වැඩිවීමක් වාර්තා වි තිබේ.

සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 9 අතරින් වෙනත් නිෂ්පාදන (මෝටර් රථ හා  ටේලර් නිෂ්පාදන, වෙනත් ගමනා ගමන උපකරණ නිෂ්පාදනය, ආභරණ නිෂ්පාදනය ), මුලික ඖෂධ නිෂ්ඵාදනය සහ පිරිසකසන ලද ලෝහ නිෂ්පාදනය 2018 වසරේ අගෝස්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව පිලිවෙලින් සියයට 37.4 ක්, 20.1 ක්, 18.8 ක අඩු වීමක් වාර්තා කරනු ලබයි.

-ශානි පොල්ගම්පල-

Similar Posts