කිව් ආර්. කේතයන් මත ඉන්ධන නිකුත් කිරිමට පියවර ගැනිමත් සමග හැටන් නගරයේ මෙතෙක් තිබු ඉන්ධන පොලිම් අතුරුදහන්ව ඇත.
වෙනත් දිනවලදි හැටන් නගරයේ ඉන්ධන හල් සදහා පෙට්‍රල් හා ඩිසල් ලැබෙන විට එම ඉන්දන ලබා ගැනිම සදහා දිගු රථ වාහන පොලිම් තිබුනද කිව්.ආර්. කේතයන් මත ඉන්දන නිකුත් කිරිම ආරම්භ විමත් සමග එම ඉන්දන පෝලිම් අඩු වෙමින් පවති.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ රථ වාහන හිමියන් පවසනුයේ කිව්.ආර්. කේතයන් මත ඉන්ධන නිකුත් කිරිම තුලින් පෝලිම්වල කාලය නොගෙවා තමන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනිමට හැකියාව ලැබි ඇති බවත්ය.

මේ පිලිබදව ඉන්ධන හල් සේවකයකුද පවසන ලද්දේ කිව්.ආර්.කේතයන් මත ඉන්දන නිකුත් කිරිම තුලින් වෙනදා දක්නට ලැබෙන ඉන්දන පෝලිම්ද අතුරුදහන්ව ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts