මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් ගත වු පැය 48 ක කාලය තුල පැමිණිලි 156 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ඉකුත් 07 වෙනි දින පස්වරු 4.30 සිට ඊයේ (09) පස්වරු 4.30 දක්වා මෙම පැමිණිලි ලැබී තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියා – තර්ජනය කිරිමේ පැමිණිලි 03 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 153 ක් වාර්තා වී ඇත. ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 97 ක්ද, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 59 ක් ලෙසින්ද මෙලෙස පැමිණිලි 156 ලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.

ඊයේ (09) වන විට පැමිණිලි ලැබී තිබුණේ 93 ක් වන අතර මෙම තත්ත්වය ජනාධිපතිවරණය ළංවෙත්ම වෙනස් වී පැමිණිලි සංඛ්‍යාව ඉහළ යා හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

-ශානි පොල්ගම්පොල –

Similar Posts