protect

ගෘහස්ථ කම්කරුවන් සදහා බලපාන විවිධ ප්‍රශ්න සදහා විසදුම් ලබා දිමට කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු ඇමති නිමල් සිරිපාල සිල්වා මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපතිනි කරුපයියා මෛත්‍රිලි මහත්මිය පවසයි.

හැටන් ප්‍රොටෙක්ට් සංගම් කාර්යාලයේදි මේ බව පැවසු මෛත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

ප්‍රොටෙක්ට් සංගමය ගෘහස්ථ කම්කරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ නෛතික රැකවරනයන් පිලිබදව සොයා බලන සංගමයක් මේ වන විට මේ ගෘහස්ථ කම්කරුවන් සමාජ රක්ෂන ක්‍රමයක් හෝ යහපත් රැකියා කොන්දේසි අහිමිපිරිසක් බවට පත් වෙලා.

ලෝක කම්කරු සංවිධානය විසින් සම්මත කොට ඇති අයි. එල්. ඕ. සී 189 ප්‍රඥප්තිය ශ්‍රි ලංකාවේ ගෘහස්ථ සේවකයන්ට ගැලපෙන පරිදි සකස්කර ගැනිමට බලාපොරෝත්තු වන බවත් ඒහා සමගාමිව රට තුල දැනට පවතින කම්කරු නිති ආවරණයන් ලබා ගැනිමට අපේක්ෂා කරන බවද පවසන ලදි.

එමෙන්ම 2021අගෝස්තු මස 04වන දින ඔහු විසින් පාර්ලීමේන්තුවේදි පවසන ලද ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නිතිගත කිරිමේ ප්‍රකාශය බලාත්මක කිරිමටත් දැනට පවතින කම්කරු නිතිවල ආවරණයන් ගෘහස්ථ කම්කරුවන්ටද කඩිනමින් ලබා දිමට පියවර ගන්නා ලෙස හැටන් කම්කරු කාර්යාලය විවෘත කිරිමට පැමිනි අවස්ථාවේ ලිඛිතව ඉල්ලා සිටි බවද ඇය පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts