ජනාධිපති වෙන්න අද ඉදිරියට ඇවිල්ලා ඉන්න ගෝඨාභයට ත්‍රි පුද්ගල මහාධිකරණවල නඩු හතරක්, තව නඩු 08 ක් ඇතුලු නඩු 12 ක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

එදා ආරක්ෂක ලේකම් විදිහට මාධ්‍ය වේදින් ඝාතනය කළා ලසන්තව  මැරුවා .එක්නැලිගෙඩ අතුරුදහන් කළා.පෝද්දල ජයන්ත කීත් නෙයාර් උපාලි තෙන්නකෝන් මේ රට අත හැරලා ගියා. ඒ අයට සාධාරණයක් ඉටු කරන්න අපිට පුළුවන් වුණේ 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ ආව අපේ ආණ්ඩුවෙන් බවද අධිකරණවලට විනිසුරුවරුන් විදිහට හිතෙන හිතෙන අය පත් කර අගවිනිසුරුතුමිය ගෙදර යැවුවේද ඒම පාලනය බව ඇය පවසයි.

එස්.බී.දිසානායකගේ ආරක්ෂකයෝ පාරේ හිටපු තරුණයින්ට වෙඩි තියනවා. හෙම්මාතගම පොහොට්ටුවේ රැස්වීමට ආව ආබාධිත තරුණියක්ව ඒ රැස්වීමට ගිහිං යන උන්ම දුෂණය කළා. මේකද මේ රට ආපහු ඉල්ලන්නේ .

මට මේ දැන් ලැබුණු අලුත්ම ආරංචිය සහරාන්ලා අපේ ඇගේ ගහන්න හැදුවා. එයාගේ අයියා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියනවා සහරාන්ට රජයේ ඔත්තුකරුවෙක් හැටියට එයාට පඩි ගෙවුවා කියලා. හැබැයි බෝම්බ පුපුරන කොට පල්ලි ඇතුළට ගිහිල්ලා කිවුවේ ආණ්ඩුව පිපිරෙවුවා කියලා. අද ගෝඨාභය රාජපක්ෂ මන්නාරමට ගිහිල්ලා තියෙන්නේ ෂැංග්‍රිල්ලා එකේ දෙවෙනි බෝම්බය පුපුරුවා ගත්ත මනුස්සයාගේ මාමණ්ඩිය අර අලවුදීන් ජුවලරි එකේ අයිතිකාරයත් එක්කයි. අපි අහනවා ගෝඨාභය රාජපක්ෂ සහරාන්ලා එක්කද ඉන්නේ කියලා. මන්නාරම රැස්වීමේදී මුස්ලිම් ජනතාව නැහැ කියලා මුස්ලිම් ජනතාවගේ හිස්වැසුම් දෙදාහක් විතර ගෙනිහිල්ලා එන මිනිස්සු අතරේ දාලා. මතක තියා ගන්න රත්නපුරේට ඇද්දා වගේ හොරණින් ආව මිනිස්සු කෑගල්ලෙන් ආව මිනිස්සු ගාල්ල මාතරින් ගෙනාව මිනිස්සු වගේ තමයි මන්නාරමේත් ඒ විදිහට තොප්පි දා ගෙන හිටියේ. අපිට මේවාට හරි ලැජ්ජයි. ඇයි මේ බලය ගන්න බොරු කරන්නේ. ඇයි මේ තරම් ප්‍රෝඩාව කරන්නේ. ඩමේ ගොල්ලෝ අද ඊයේ නෙවෙයි 2005 ජනාධිපතිවරණයේදී ඒ වගේ වැඩ කළා. 2005 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවේ ඡන්ද එක් ලක්ෂ අසු හත් දහසකින්. එදා උතුරු පළාතේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ටිරාන් අලස්ලා ශ්‍රීපති සුරිය ආරච්චිලා එකතු වෙලා ඒ හරහා කොටින්ට සල්ලි දීලා නැති කලා යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේය.

 

 

 

Similar Posts