මෙවර ජනාධිපතිවරණය සඳහා රජය විසින් දැරීමට සිදුව ඇති වියදමද දිගින් දිගටම ඉහළ ගොස් තිබෙන බවත්,  ඒ අනුව මෙවර මැතිවරණය සදහා රුපියල් මිලියන 5500ක් ඇස්තමේන්තු කර ඇති බවත්, එය 2015 මැතිවරණයට සාපේක්ෂව දෙගුණයටක වැඩි මුදලක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

2005 ජනාධිපතිවරණය මිලියන 712 එක් ඡන්දදායකයෙකුට රුපියල් 54ක්, 2010 ජනාධිපතිවරණය මිලියන 1825 එක් ඡන්දදායකයෙකුට රුපියල් 132ක්, 2015 ජනාධිපතිවරණය මිලියන 2705 එක් ඡන්දදායකයෙකුට රුපියල් 180ක්, 2019 ජනාධිපතිවරණය මිලියන 5500 ඇස්තමේන්තු කර ඇති බවත් ඒ් අනුව එක් ඡන්දදායකයෙකුට රුපියල් 360ක් දැරිය යුතු බවත් පවසයි.

ඒමෙන්ම, ඔක්තෝබර් 14 සිට 31 දක්වා කාලය තුළ රූපවාහිනී, පුවත්පත් දැන්වීම් ඇතුළු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් මිලියන 1000කට ආසන්න මුදලක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා විසින් වියදම් කරනු ලැබ ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇස්තමේන්තු කර තිබේ.

Similar Posts