sunil

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 78 කි.

පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයෙකු ද වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මෙරට පුවත්පත් කලාව නවමු මගකට යොමු කිරීමට පෙරමුණ ගත් පුවත්පත් කලාවේදියෙකි.

සත්‍යවාදියකුගේ දින පොත තිරුලිපි පෙළ රචනා කිරීමෙන් ඔහු මෙරට පාඨක සිත් සතන් තුළ තැබුවේ නොමැකෙන සටහනකි.

හඬනු මැන නිදහස, ඇමරිකා ඇමරිකා, කැරොලිනාගේ දිනපොත සහ මොහොමඩ් අලී ඇතුළු පොත් කිහිපයක් ඔහු විසින් පරිවර්තනය කර තිබේ.

සුනිල් මාධව ප්‍රේමතිලක මහතා පසුගිය දා කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබිණ.

ඔහු කොළඹ යුගයේ විශිෂ්ට කවියෙකු වූ මීමන ප්‍රේමතිලක මහතාගේ පුත්‍රයෙකි.

Similar Posts