jiniwa

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් ආරම්භ වනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීයි. මෙම සැසිය ලබන ඔක්තෝම්බර් 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ද මෙවර සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාවන්ට සාපේක්ෂව මෙහි ප්‍රධාන වෙනසක් ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පැවසුවේ.

රජය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු පිරිසක් ජිනීවා වෙත ගොස් සිටිනවා.

අරගලකරුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව තරුණ නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික නීතිඥ නුවන් බෝපගේ පැවසුවා.

Similar Posts