diaspora

දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ විසින් පත් කර තිබේ.

මෙම කමිටුව පත්කිරීමට ප්‍රථම අධිකරණ ඇමැතිවරයා දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමග විශේෂ දුරකථන සාකච්ඡාවක්ද පවත්වා ඇත.

කැනඩාව පදනම් කරගත් ඩයස්පෝරා සංවිධානයක් වන යුක්තිය සහ සමානාත්මතාවය සඳහා කැනේඩියානුවන් (Canadians for Justice and Equality) සහ ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය ඇතුළු තවත් රටවල් හතරක ඩයස්පෝරා නියෝජිතයන් සමග ඇමැතිවරයා පසුගිය ඉරිදා මෙම දුරකථන සාකච්ඡාව පවත්වා තිබේ.

Similar Posts