සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා.

තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා.

අද පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද තරඟය සඳහා තවත් තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ශ්‍රී ලංකා පිලට කැඳවීමටයි අවධානය යොමුව ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජය ගතහොත් ඔවුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගන්නේ වසර 8කට පසුවයි.

Similar Posts