gayani

අකුරැස්ස, ගල්මුල්ල ප්‍රදේශයේ පාවිල්කන්ද දර අහුලන්න ගොස් සිටිය දී අකුණු සැරයක් වැදීමෙන් ගයනී මධුශානි ගමගේ නමැති 29 හැවිරිදි දෙදරු මව ජීවිතක්ෂයට පත් වූවාය.

ගෑස් අවසන්ව තිබූ බැවින් පාවිල්කන්ද කුරුඳු වාඩියක ඇති  දර රැගෙන ඒම සඳහා ඉකුත් 11 වෙනි දින පස්වරුවේ මෙම අඹු සැමි යුවළ ගොස් ඇත.

සවස් යාමයේ එම ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා ටකරන් තහඩු යොදා සකස්කර තිබූ කුරුඳු මඩුවේ දෙදෙනා සිටිය දී හදිසියේ ම මෙම ස්ථානයේ සිටි කාන්තාවට අකුණු සරයක් වැදී ඇත.

මාතර මහ රෝහලට ඔවුන්ව යවා ඇති අතර කාන්තාව ඒවන විටත් මරණයට පත්වී ඇත.

Similar Posts