rajithe

සෑම පැයකටම පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්වන තරමට වසංගතය ඔඩුදුවා තිබෙන බවත් නරකම කාලය තවමත් පැමිණ නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ ලෝකයේ වෙනත් රටවල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර යන පළමු අවස්ථාවේදීම ප්‍රාන්ත පිටින් වසාදමා වෛරසය පැතිරීම පාලනය කරද්දී ඩෙල්ටා වෛරසය මෙරට තුළ පැතිරීම ආරම්භ වෙද්දීම වසා දමා තිබූ රට විවෘත කළ බවය.

මේ පිලිබඳ සොයා බැලීමේදි හෙළි වුයේ සෞඛ්‍ය අංශ උපදෙස් මත නොව ඉහළින් ආ නියෝගයක් මත රට ඇරීමට සිදු වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බවය. වෙනදා වසංගත පැමිණි පසු ඒ්වා පාලනය කලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය අංශය බවත් ජනාධිපති කාර්ය සාධක බලකා පැමිණියේ නැති බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ මේ වසංගතය ව්‍යාප්ත වුයේ මේ ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතු නිසා බවය.

වසංගතය යුද්ධයක් නොවන බවත් වසංගතය ගැන දන්නේ සෞඛ්‍ය අංශය පමණක් බව අවධාරණය කරන ඔහු පවසන්නේ දැන්වත් සෞඛ්‍ය විශේෂඥයින්ට මේ කාර්යය බාර දිය යුතු බවය.

මේ පිළිබඳව මීට මාස දෙකකට පමණ ඉහතදී තමා අනතුරු ඇඟවූ බවත්, එම අවස්ථාවේදී අනතුර නිවැරදිව හඳුනා ගැනීමට ආණ්ඩුව සමත් වූයේ නම් මෙවැනි අවාසනාවන්ත තත්වයක් උදා නොවන්නට තිබූ බවත් රාජිත සේනාරත්න මහතා පවසයි.

කොවිඩ් වසංගතයට මුහුණදීමට ජනතාව සූදානම් කිරීම නොව ආණ්ඩුව සිදුකළේ වසංගතයට අභියෝග කිරීම බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පෙන්වා දී තිබූ බව සඳහන් කරන රාජිත ‍සේනාරත්න මහතා පවසන්නේ ඔහු පමණක් නොව වෛද්‍ය විශේෂඥයන්, වෛරස විශේෂඥයන් රැසක් දිගින් දිගටම අනතුරු අඟවා තිබියදී ඒ කිසිදු අනතුරු ඇඟවීමක් අවබෝධ කර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඒ් මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ශානි

Similar Posts