onlne-game-child

අන්තර්ජාල ක්‍රීඩාවලට තදින් ඇබ්බැහි වූ රක්වාන ප්‍රදේශයේ පහළොස් හැවිරිදි සිසුවකු මවගේ බැංකු ⁣ගිණුමෙන් රුපියල් දෙලක්ෂ අසුදහසක මුදලක් වංචනිකව වැයකර අන්තර්ජාල ක්‍රීඩාවල නිරත ව ඇතැයි අනාවරණය වෙයි.

මෙම සිසුවා රක්වාන ප්‍රදේශයේ පාසලකින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වය සමත්ව රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරයි. ඒ අතරතුර පසුගිය දිනවලදී අන්තර්ජාල (Online) මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගැනීම සඳහා දෙමාපියන් විසින් ඔහුට ජංගම දුරකථනයක් ලබා දී ඇත. පසුව ඔහු එයින් අන්තර්ජාල ක්‍රීඩාවලට හුරුවී තිබේ.

මෙම සිසුවාගේ මව රජයේ කාර්යාලයක සේවය කරන අතර, පියා ව්‍යාපාරිකයෙකි. මේ අතර මවගේ නමින් එක්තරා බැංකුවක තිබූ ගිණුමට අදාළව මව විසින් සිය පුතුගේ ජංගම දුරකථනයේ අංකය ලබාදී තිබේ. එදින සිට ඇයගේ බැංකු ගිණුමේ සියලු දත්ත පුතාගේ දුරකතනයට ලැබී ඇත.

මේ අතර අන්තර්ජාල ක්‍රීඩාවේ නිරත සිසුවා මවගේ ජංගම ගිණුම උපයෝගි කරගෙන ටික කලක් ⁣එලෙස අන්තර්ජාල ක්‍රීඩාවේ නිරතව සිට ඇත.

මේ කිසිවක් නොදත් මව පසුගිය දිනක බැංකුවට ගොස් ඇත්තේ මුදල් ලබාගැනීමටය. සිය ගිණුමෙන් රුපියල් දෙලක්ෂ අසුදහසක් අඩු බව එහිදී දැනගත් මව ඒ පිළිබඳ බැංකුවට පැමිණිලි කර තිබේ.

පසුව බැංකුව විසින් එම ගිණුම සියුම්ව නිරීක්ෂණය කිරීමේදි දරුවා විසින් මවගේ බැංකු ගිණුමේ මුදල් උපයෝගි කරගෙන අන්තර්ජාල ක්‍රීඩාවේ නිරත වී ඇති බව තහවුරු වී ඇත.

ඉන්දික වික්‍රමආරච්චි – රක්වාන – aruna

Similar Posts