ඩෙන්මාර්කයේ, රැන්ඩර්ස් නගරයේ යුදෙව් සොහොන් ගල් 84 ක් විනාශ කිරීමෙන් පසු ඩෙන්මාර්ක් පොලිසිය නව නාසි ක්‍රියාකාරිකයෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

38 හැවිරිදි ජේකබ් වුලම් ඇන්ඩර්සන් ස්වීඩනයේ ද ක්‍රියාකාරී වන නෝර්ඩික් ප්‍රතිරෝධක ව්‍යාපාරයේ (එන්ආර්එම්) නායකයෙකි. ඔහුට සහ 27 හැවිරිදි සැකකරුවෙකුට බරපතල විනාශකාරී චෝදනාවක් සහ වෛරී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

සුසාන භූමිය විනාශ කිරීම සිදු වූයේ නාසි යුදෙව්-විරෝධී “ක්‍රිස්ටල්නාච්” ප්‍රචණ්ඩත්වයට හරියටම වසර 81 කට පසුව නොවැම්බර් 9 දාය. නාසි තන්ත්‍රය විසින් උසිගැන්වූ 1938 කැරලි කරුවන් ජර්මනියේ යුදෙව් ප්‍රජාවට පහර දුන් අතර සිනගෝග සිය ගණනක් පුළුස්සා යුදෙව් පාසල් හා ව්‍යාපාර විනාශ කළහ.

“ක්‍රිස්ටල්නාච්ට්” යන්නෙහි තේරුම “කැඩුණු වීදුරුවේ රාත්‍රිය” යන්නයි. දෙවන ලෝක සංග්‍රාමයේදී සමූල ඝාතන දක්වා ව්‍යාප්ත වූ හිංසනයෙන් අවම වශයෙන් යුදෙව්වන් 91 ක් මිය ගියහ.

සෙනසුරාදා ඩෙන්මාර්කයේ තවත් ස්ථාන හතරක යුදෙව් විරෝධී සිදුවීම් ද ඇති අතර මධ්‍යම ඩෙන්මාර්කයේ රැන්ඩර්ස් හි සොහොන් ගල් මත කොළ පැහැති තීන්ත ආලේප කර ඇති අතර සමහර ඒවා පෙරළී තිබේ. මේ අතර ඇන්ඩර්සන් මහතා ඩෙන්මාර්ක ටීවී 2 ට පවසා ඇත්තේ  තමා ඊට සම්බන්ධ නැති බවයි. නමුත් ඔහු යුදෙව් විරෝධී කුමන්ත්‍රණ න්‍යායන් ගැන සඳහන් කරමින් විනාශකාරී ක්‍රියාවන්ට සහයෝගය දැක්වා ඇති බව වාර්තා වේ

ශානි පොල්ගම්පොල

Similar Posts