ජනතා‍වගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි. මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා අවුරුද්දකින් කල් දමා තියෙනවා. නමුත් මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව මැතිවරණය පැවැත්විම සදහා කොමිෂමට බලය ලැබෙනවා.

කොමිෂමක් ලෙස අපි ඕනැම අවස්ථාවක මැතිවරණයකට සුදානමින් සිටින්නේ.

පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමෙන්තුව තුළින් විසදාගත යුතුයි. රටක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තියනවා. කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද සෞඛ්‍ය මාර්ගපෝදශ අනුගමනය කරමින් අදාළ කටයුතු සිදු කරන්න අප සුදානම්.

 

Similar Posts