bread

පිටි මිල ඉහල යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 100ත් 110ත් අතර මිලකට ඉහල ගියද හැටන් දික්ඔය නගරවල සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩිය බරින් අඩු විමත් සමග ප්‍රදේඔයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

සමන්‍ය පාන් ගෙඩියක බල ග්‍රැම් 450ක් විය යුතු වුවද හැටන් හා දික්ඔය නගරවල සමහර බේකරිවල නිපදවන පාන් ගෙඩිය ග්‍රැම් 375ත් 400ත් අතර වන වන බව ප්‍රදේශයේ සමහර පාරිභෝගිකයන් පවසති.

පාන් පිටි ඉහල යාමත් සමග පාන් මිල රුපියල් 100ත් 110ත් අතර මිලකට ඉහල දැමුවද මෙසේ පාන් ගෙඩියේ බරද අඩු කර සමහර බේකරි හිමියන් ප්‍රදේශයේ පාරිභෝගි ජනතාව ගසා කැමට ලක්කරන බවද ඔවුන් පවසති.

මෙසේ බර අඩු පාන් නිපදවමින් ප්‍රදේශයේ ජනතාව ගසා කැමට ලක් කලද මෙම තත්වයන් පිලිබදව පාරිභෝගික අධිකාරියේ හෝ අදාල නිලධාරින්ගේ නිසි අවදානය යොමු යොවිම දැඩි කනගාටුවට කරුනක් බවද එම ජනතාව පවසති.

මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts