money

මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික අංශයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට සිය වැටුප ලබාගැනීමට නොහැකිව ඇති බවටයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් එම සේවකයන් බහුතරයකගේ වැටුප් දිනය වන්නේ සෑම මසකම 10 වනදායි. ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් බැංකු වසා තැබීමත් සමඟ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ස්ටයිල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය චමින්ද පී කල්පගේ පැවසුවේ.

මේ අතර වර්තමානයේ රටේ ඇති වී තිබෙන තත්ත්වය තවත් දින කිහිපයක් පැවතුනොත් එය පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උදව් නොවන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ පැවසුවා. මෙම තත්ත්වය තවත් සති දෙකක් පමණ කාලයක් පැවතුනොත් තමන්ද ධූරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු පැවසුවේ.

Similar Posts