nato

බටහිර රටවල් රුසියාව ප‍්‍රහාරයට සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අද ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය අමතමින් කියා සිටියේය.

යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් බටහිර රටවල ප්‍රතිචාරය පිළිබඳ පුටින් ජනාධිපතිවරයා අවතක්සේරුවක සිටින බවද ඇමරිකා ජනාධිපතිවරයා පැවසීය.

පෝලන්තය, රුමේනියාව, ලැට්වියාව, ලිතුවේනියාව සහ එස්තෝනියාව ඇතුළු නේටෝ රටවල් ආරක්ෂා කිරීම සඳහා  ඇමරිකානු ගොඩබිම් හමුදා, ගුවන් බලඝණ, නැව් යෙදවීම් බලමුලු ගන්වා ඇති බව ජෝ බයිඩන් පවසයි.

මේ අතර යුක්රේනය විසින් පිහිටුවමින් සිටින ජාත්‍යන්තර ආරක්ෂක බල ඇණිය සමඟ එක්වීමට ශ්‍රී ලංකා හමුදාව නියෝජනය කරන කිසිදු නිලධාරියෙකු යොමු නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.

රුසියාව සහ යුක්රේනය යන රාජ්‍යයන් සමග ශ්‍රී ලංකාවට තිබෙන්නේ එක සමාන රාජතාන්ත්‍රික සම්බන්ධතාවයක් බවද පැවසූ ඔහු එම රාජ්‍යයන් දෙක අතර පවතින යුද ගැටුම් වලට අදාලව කිසිදු මැදිහත්වීමකට ශ්‍රී ලංකාව නොයන බවද කියා සිටියේය.

 

Similar Posts