බොරලැස්ගමුව පොලිස් වසම තුළ හා ඒ අවට ප්‍රදේශයන්හි හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු වල නිරත වූ කාන්තාවක් බොරලැස්ගමුව, බෙල්ලන්තර, ෆිල්ඩ් මවත ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් හෙරොයින් මත් කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ තුනකට පමණ ආසන්න බවත් මෙම කාන්තාව ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට මෙරට හෝ පිටරටක සැඟව සිටින බඩෝවිට අසංක නැමැති පුද්ගලයාගේ සහෝදරයාගේ බිරිඳ (නෑනා) බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගත් කර ගත් බවත් පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් එක්දරු මවක් වන  සැකකාරිය (25) වැනි වියේ පසුවන වැල්ලවත්ත, රන්ජන් විජේරත්න පුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් පොලීසිය පැවසීය.
සැකකාරිය හෙරොයින් මත්කුඩු රැගෙන පාගමනින් වැල්ලවත්ත ප්‍රදේශයේ සිට බොරලැස්ගමුව ප්‍රදේශයට පැමිණ යතුරු පැදියකින් පැමිණ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට රැගෙන යන අයකු හට ලබා දීමට සිටි බවත් කුමන හෝ ආකාරයකින් කාන්තාව අත්අඩංගුවට පත්වූ බව දැනගත් යතුරුපැදිකරු මෙම හෙරොයින් මත්කුඩු රැගෙන යාමට පැමිණ නොමැති බවත් එම යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය පැවසීය.
වැල්ලවත්ත ප්‍රදේශයේ සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්  කරුවකුගේ සමීපතම ඇසුරක් මෙම කාන්තාවට ඇති බවත් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහැරීමේ කටයුතු රැකියාවක් ලෙස මෙම කාන්තාව සිදුකරන බවත් සිදුකළ මූලික පරීක්ෂණවලදි අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලීසිය පවසයි.
සැකකාරිය ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක නුගේගොඩ කොට්ඨාස කලාප 01බාර පොලිස් අධිකාරී කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී විජේරත්න මහතාගේ උපදෙස් මත පාලන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත පොලිස් කොස්තාපල් 68843 දේශාන් යන නිලධාරින් විසින් සිදුකරනු ලබයි
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts