තායිලන්තයේ විනිශ්චයකාරවරයෙකු වන කාංචනා පියක්චන්නා ත‍්‍රස්තවාදී චෝදනා මත තමන් ඉදිරියට පමුණුවන ලද චූදිතයන් පස් දෙනෙකු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර හැරීමෙන් පසු හිටපු තායිලන්තයේ රජතුමාගේ පිළිරුවක් ඉදිරියේ තමාගේ වෘත්තිය පිලිබඳව දිවුරුම ප‍්‍රකාශ කිරීමෙන් පසු පපුවට වෙඩි තබා ගත්තේය. එසේ කිරීමට හේතුව වූයේ ඔහු ඉදිරියේ වූ සැකකරුවන් කෙසේ හෝ දඩුවමට ලක් කරන ලෙස ඔහු කෙරෙහි කෙරෙන ලද බලපෑම් වලට විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමක් හා තමන් විසින් ලියන ලද නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙර එය ඉහළ විනිශ්චයකාර වරුන්ට පෙන්වන ලෙස කරන ලද ඉල්ලීමකටත් විරෝධත්වය ප‍්‍රකාශ කිරීම සඳහාය.

අන්තර්ජාලයේ පල කරන ලද පිටු 25 පමණ දීර්ඝ ලිපියක් මගින් ඔහු කියා සිටියේ අධිකරණයට බලපෑම් කිරීම තමන්ට පමනක් නොව තවත් විනිශ්චයචාර වරුන්ටත් නිතරම මුහුණදීමට ඇති ප‍්‍රශ්නයක් බවත් නඩු තීන්දු දීම විනිශ්චයකාරයා මත රැුඳිය යුතු බවත් යුක්තිය ජනතාව මත රැුඳිය යුතු බවත්ය. මීට පෙරත් තමන්ට මෙවැනි බලපෑම් කර ඇති බවත් උදාහරණයක් වශයෙන් එක් සිවිල් පුරවැසියෙකු මරා දැමීම සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් තුන් දෙනෙකුට විරුද්ධව පැවති නඩුවකදී ඔහු දුන් තීන්දුවේ සැර බාල කරන ලෙස ඉල්ලීමක් වු බවත් එයට හේතුව වූයේ මොවුන් රජයේ නිළධාරීන් නිසා ඔවුන්ට වෙනත් ආකාරයකින් සැලකිය යුතු යැයි ප‍්‍රකාශයට පත් වූ නිසාය.

උසාවියේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ නඩුකාර තුමාගේ වෙඩි තබා ගැනීමට ගත් තීන්දුව කිසියම් පුද්ගලික ආතතියක් නිසා විය හැකි බවය. එහෙත් නීති විශාරදයන්ගේත් රටේ මාධ්‍ය ජාල වලත් තදබල ලෙසින් ප‍්‍රකාශයට පත් වන්නේ මෙවැනි බලපෑම් තායිලන්තය තුළ ඉතා සුලබව සිදුවන බවත් විනිශ්චයකාරවරයාගේ විරෝධතාවය ප‍්‍රකාශ කිරීමේ මාධ්‍ය වී තිබුනේ මෙම වෙඩි තබා ගැනීම මගින් බවයි.

තවත් විනිශ්චයකාරවරයෙකුගේ මැදිහත්වීම මගින් ඔහු වහා රෝහල්ගත කරන ලද අතර දැන් රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටියි. මේ අතර අන්තර්ජාලයේ ප‍්‍රකාශයට පත් වූ ලේඛනය අතුරුදහන් වී ඇත. එසේ වුවත් එම ලේඛනයෙන් ගත් ඡුායාරූප දැන් විශාල ලෙස හුවමාරු වෙමින් පවතී.

මේ පිළිබඳව මුහුණු පොතේ සටහනක් තබන ලංකාවේ හිටපු විනිශ්චයකාර වරයෙකු වන සලීම් මසූක් මහතා මෙසේ ප‍්‍රකාශ කර ඇත. ,තායිලන්තයේ පමනක් නොව කොතැනක වුවත් මෙය සිදු විය හැක. අධිකරණ පද්ධතියට පමනක් නොව සෑම පද්ධතියකටම අඛන්ඩ සෞඛ්‍ය පරීක්ෂාවක් අවශ්‍යය. අවශ්‍ය මොහොතේ නිසි අධීක්ෂණයක් සහ මෙහෙයවීමක් නොමැති වීමේ ප‍්‍රතිඵලයක් නම් අසාර්ථක පද්ධති මගින් සාමාජයට හානියක් සිදු වේ. , මෙය ඉංග‍්‍රීසියෙන් ලියා තිබූ සටහනේ සිංහල පරිවර්තනයයි.

අධිකරණයට විශාල වශයෙන් බලපෑම් කිරීමත් අධිකරණය ආණ්ඩු වල අවශ්‍යතාවයන් සඳහා හෝ බලවතුන්ගේ අවශ්‍යතාවයන් සඳහා නතු කරවා ගැනීමට කරන උත්සාහයත් ප‍්‍රබලව පවතින්නේ තායිලන්තයේ පමනක් නොවේ. දැනට පිලිපීනයේත්, කාම්බෝජයේත්, මියෙන්මාරයේත්, බංගලිදේශය හා පකිස්තානයේත් මෙන්ම ලංකාවේත් මෙය ප‍්‍රබලව සිදුවේ. මේ පිළිබඳව බොහෝ විවේචන බොහෝ දෙනෙක් කර ඇතත් තත්ත්වය වඩ වඩාත් නරක අතට හැරෙනවා මිස වඩා හොඳ තත්ත්වයකට හැරෙන්නේ නැත.

අධිකරණයේ ස්වාධීනත්වය පාලනයට බාධාවක් වශයෙන් ආසියාවේ බොහෝ රටවල පාලකයෝ දකිති. මෙසේ අධිකරණය මුළුමනින්ම පාලනය කළ පාලකයා නම් සිංගප්පූරුවේ ලී ක්වාන් යූ නමැති අගමැතිවරයායි. ඔහු අධිකරණය මුළුමනින්ම මෙන් විධායකයට යටපත් කළේය. ස්වාධීන පුද්ගලයන් විසින් විවිධාකාරයෙන් මතු කළ නෛතික ගැටලූ සියල්ලක්ම යටපත් කළේ අධිකරණය පදනම් කර ගෙනය. ඒ පුරුද්දම දැන් ආසියාවේ බොහෝ ප‍්‍රදේශ වලට පැතිර පවතී. දැන් ටික කලකට පෙර ඉන්දියාවේ විනිශ්්චයකාරවරු තුන් දෙනෙක් ප‍්‍රසිද්ධියේ පුවත්පත් සාකච්ඡුාවක් කැඳවා එවකට සිටි ඉන්දියාවේ අග‍්‍රවිනිශ්චයකාරවරයා අධිකරණයට අයුතු ලෙස බලපෑම් කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වය නැති විය හැකි ආකාරයේ කි‍්‍රයාකලාපයක යෙදෙන බව ප‍්‍රසිද්ධියේම විවේචනය කරන ලදි.

බංගලිදේශයේ හිටපු අග‍්‍රවිනිශ්චයකාරවරයා පොතක් ලියමින් දීර්ඝව විස්තර කර ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සිහිනය කඩා වැටුනේ කෙසේද යන්න පිළිබඳවයි. මෙහිදී අග‍්‍රවිනිශ්චයකාරවරයා පවා අගමැතිණියගේ ගෙදරට කැඳවා ඔහු දිය යුතු තීන්දු කුමක්දැයි කියන තරමට විධායකය පත් වූ ආකාරය ඔහු දීර්ඝව විස්තර කරයි. එම පොතෙහි කියවෙන කරුණු සියල්ලක්ම පාහේ අනෙක් මතයන් බාහිර පෙනීම සඳහාවත් අධිකරණ ක‍්‍රමයක් පවත්වා ගෙන යාම අවශ්‍යය. එහෙත් අධිකරණයේ බලය බිඳ දමන ප‍්‍රවේශයන් ගණනාවක් ඇත. ඉන් එක් ප‍්‍රවේශයක් නම් නීතිය මගින්ම අධිකරණයේ බලය සීමා වන ආකාරයට නීති පනවා ගැනීමය. ලංකාවේ 1978 ව්‍යවස්ථාවත් එම ව්‍යවස්ථාව වටා ගොඩනැගුුනු නෛතික පද්ධතියත් මීට උදාහරණයකි. එවැනිම උත්සාහයක් බංගලිදේශයේද කර ඇත.
අධිකරණයේදී තමන්ට නතු වන විිනිශ්චයකාරවරුන් පත් කර ගැනීමට කරන උත්සාහය තවත් උපාය මාර්ගයකි. මේ උපාය මාර්ගය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට විශාල වශයෙන් බලපෑම් ඇති කර ඇත. අධිකරණයට කරන බලපෑම මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට හා අපරාධ පරීක්ෂණ වල යෙදෙන පොලිසියට කෙරෙන බලපෑම මගින්ද අධිකරණ ක‍්‍රමය පහතට හෙළා දැමිය හැකිය.
තවත් උපක‍්‍රමයක් නම් තමන්ට සියයට සියයක්ම අනුගත නොවන විනිශ්චයකාරවරුන්, අග‍්‍රවිනිශ්චයකාරවරයා විවිධ උපක‍්‍රම මගින් පලවා හැරීමය. මෙයද බංගලිදේශයේ හා ශ‍්‍රී ලංකාවේ සිදු වී ඇත.

මෙවැනි වාතාවරණයක් තුළ ජනතාව තුළම අධිකරණ ක‍්‍රමය ගැන තිබෙන කනස්සල්ල විධායකයේ ප‍්‍රයෝජනයට හේතුවේ. මන්ද යත් ජනතාව අධිකරණ ක‍්‍රමය පිළිබඳව විශ්වාසයෙන් තොර වන විට ඔහු රජයකට විරුද්ධව හෝ කිසියම් පාලකයෙකුට විරුද්ධව ඉදිරිපත් වීමට මැළී වේ. මන්ද යත් මෙවැනි අවස්ථාවකදී අධිකරණයේ බලය තර්ජනයට පත් වන බවත් ඒ නිසා බොහෝ විට සාධාරණ හේතුවක් තුළ වුවත් නඩුවක් කීමට යෑම ඉතා භයානක කාර්යයක් විය හැකිය යන්න ජනමතය තුළ සනාථ වේ.

ජාත්‍යන්තර මට්ටමෙන් නීතියේ ආධිපත්‍යය රැකීමත් හා නීතිය මත පාලනය කර ගෙන යාමත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමත්, පුරවැසියාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමත් පිළිබඳව විවිධ විවේචන හා වාර්තා නිතරම පල වේ. එහෙත් ඒවායෙන් සිදුවන ප‍්‍රායෝගික වෙනසක් නැත. එයට හේතුව නම් ජාත්‍යන්තර තලයේදී සිදුවෙන විවේචන සමග බාහිර වශයෙන් තමන්ගේ සහයෝගය ප‍්‍රකාශයට පත්කරන ආණ්ඩු රටතුළදී අධිකරණ ක‍්‍රමය තුළ ඇති කරන වෙනස්කම් මගින් එම යෝජනා කි‍්‍රියාත්මක කිරීමට බැරි තත්ත්වයක් ඇති කිරීමය. එසේ ඇති කිරීමෙන් පසු එම රාජ්‍යය ජාත්‍යන්තරයට කියා සිටින්නේ අපි ඔබ කියන යෝජනා පිළිගැනීමට කැමති නමුත් අපේ අධිකරණය ඊට විරුද්ධ මතයන් ප‍්‍රකාශ කර ඇති හෙයින් අපි රටේ අධිකරණයේ තීන්දු වලට යටත් විය යුතු බවය. මේ ආකාරයෙන් ජාත්‍යන්තර විවේචනයෙන් ගැලවෙන්නේත් අධිකරණය තමන් යටතට පත් කර ගැනීම සඳහා විවිධාකාරව කරන උපක‍්‍රම පසුබිම් කරගෙනය. වැරදි සහගත අධිකරණ ක‍්‍රමයක් රටකට ඉතා ප‍්‍රබලම විනාශකාරී බලයක් වේ. කිසියම් සංවිධාන රටාවක් පවත්වා ගෙන යන්නට බැරි තත්ත්වයට රටක අධිකරණ ක‍්‍රමය අස්ථාවර කිරීම මගින් කළ හැකිය. උදාහරණයක් වශයෙන් මූල්‍ය කටයුතු පිළිබඳව ඇති වන නීතිවිරෝධී කි‍්‍රයා නිසි ලෙස අධිකරණමය වශයෙන් පරීක්ෂාවට ලක් කොට ඒවාට නිසි තීන්දු ලබා දීමට අධිකරණයට බාධා කිරීම මගින් පවතින තත්ත්වය එසේම පවත්වා ගෙන යාමට හැකිය.

අර්බුදයට පත් අධිකරණ ක‍්‍රමයක් අපරාධ වැඩිවීමට ඉතා ප‍්‍රබල හේතුවක් වේ. මන්ද යත් අපරාධයට විසඳුම වනාහී නිසි ආකාරයෙන් නීතිය මත පදනම් වී පරීක්ෂණ පවත්වා ඒවා මත පදනම් වී ඒ තීන්දු සාධාරණ කෙටි කාලයක් තුළ ලබා දීම මගින් අපරාධ වැළැක්විය හැකි නිසාය. එහෙත් අධිකරණයේම පවතින ගැටලූ තමන් ට කැමති ආකාරයට පාවිච්චි කළ හැකි බව අපරාධකාරයන් තුළ මතයක් පහළ වී ස්ථාවර වුවහොත් ඔවුහු එම තත්වයෙන් ප‍්‍රයෝජන ගෙන තව තවත් අපරාධ කරනවා පමනක් නොව තමුන් කරන අපරාධ මහා පරිමාණයෙන්ද කරති. කුඩු ජාවාරම මෙහි උදාහරණයකි. ලංකාවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා එල්ලූම් ගසක් ඇති කිරීම මගින් කුඩු ජාවාරම නැති කිරීමට හැකිය යන මිත්‍යාව පතුරුවයි. එහෙත් නීති ක‍්‍රමයට බලපෑම් කිරීම නතර කිරීම මගින් නීතිය නිසි ලෙස කි‍්‍රයා කිරීමට ඉඩ හැරීම මගින් කුඩු ජාවාරම මෙන්ම වෙනත් බරපතල අපරාධ ද වළක්වා ගත හැකිය යන මතයට ඔහු එළඹෙන්නේ නැත. මෙය ඔහු පමනක් නොව පොදුවේ දේශපාලන ක්ෂේත‍්‍රය පුරාම පැතිර ගිය මතවාදයයි.

තායිලන්තයේ විනිශ්චයකාරවරයා විසින් කරන ලද්දේ විසඳා ගැනීමට බැරි තත්ත්වයට පැමිණ ඇති අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමේ ප‍්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට බැරි තත්ත්වයක් තුළ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් වුවද එම ප‍්‍රශ්නය කෙරෙහි ජනතාවගේත් ලෝකයේත් අවධානය යොමු කරවා ගැනීමට කරන ලද නිර්භීත කි‍්‍රයාවකි. යටහත් පහත්ව තමන්ගේ වෘත්තිය පාවා දී ජීවත් වනවාට වඩා ගෞරවණීයව ජීවිතයෙන් සමුගැනීම වඩා හොඳය යන්න ඔහු විසින් ප‍්‍රකාශයට පත් කළ ලේඛනයේ ප‍්‍රකාශ කොට ඇත.

ජරාජීර්ණ තත්වයට අධිකරණ ක‍්‍රමය පත් වන විට විනිශ්චයකාරවරුන් ඉදිරියේ ඇත්තේ ඉතා අමාරු කාර්යයකි. එක්කෝ ඔවුන් එම තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා ප‍්‍රබල උත්සාහයක යෙදිය යුතුය. එසේත් නැත්නම් තම නිලයෙන් ඉවත් විය යුතුය. ඒ අතර අතිශයින් නිර්භීත වූ පුද්ගලයෙක් ප‍්‍රශ්නයේ බරපතලකම උග‍්‍ර වීම නිසාම තායිලන්ත විනිශ්චයකාරතුමා ගත් ලෙස තීරණ ගැනීමට පුළුවන.

අප ජීවත් වන්නේ අතිශයින් භයානක කාලයකය. එය ආසියාවේ බොහෝ රටවල මෙන්ම නොදියුණු බොහෝ රටවලද පැතිර පවතින තත්ත්වයකි. අධිකරණ ක‍්‍රමයම බොරුවක් බවට පත් වන තත්ත්වයක් ජනතාව දකිද්දී තමන් මුහුණ දෙන බරපතල නීතිවිරෝධී වැඩ කටයුතු සම්බන්ධයෙන් ඔහු සහනයක් සොයන්නේ කොතනද ? එසේ සහනයක් සෙවිය හැකි තැනක් නැත. මෙයම බලපුළුවන්කාරකමින් හා හිතුවක්කාරකමින් තමන්ගේ වුවමනාවන් ගැන පමනක් සලකන පාලකයන්ට ඉතා හොඳ තත්ත්වයකි. ඕනෑම විදිහක ජනතාව හෝ එහි කොටස් හෝ විවිධ පුද්ගලයන් තලාපෙලා ඔහුට හිරිහැර කොට ඒවායින් අනිසි ප‍්‍රතිඵලයක් නොලබා යහසේ පැවතීමට ඔවුන්ට හැකි වන්නේ මෙම වාතාවරණයේය.

මෙම ප‍්‍රශ්නයට උරදීම අද බොහෝ රටවල ඇති ප‍්‍රධානම අභියෝගය වනවා මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගැන සලකන ජාත්‍යන්තර මතවාදයේද ප‍්‍රධාන අභියෝගයක් සේ පවතී.

බැසිල් ප‍්‍රනාන්දු

Similar Posts